ඔබ ඉහළින්ම ඔසවා තබන අසමසම වැඩපිළිවෙල...!
සිද්ධාන්ත සටහන්
සිද්ධාන්ත සටහන් ටික තමයි වැදගත්ම වෙන්නනේ... විෂය නිර්දේශයේ හැම වැදගත් කොටසක්ම ආවරණය වෙන විදියට හදපු මේ නිබන්ධන මාලාව තමයි ප්‍රතිඵල අතරට යන්න ගොඩක්ම උදවු වෙන්නේ. හැමෝටම සටහන් තියනවා. එක්කෝ ඒවා තේරුම් ගන්න බැරි තරමට දීර්ග ඒවා. නැත්නම් උත්තරයක් ලියාගන්නවත් විස්තර නෑ. ඒත් අවශ්‍ය හැම කරුණක්ම ඇතුළත් කරලා පාඩම් කරන්නත් පහසු විදියට හදපු නිර්මාණශීලීම නිබන්ධන මාලාව අප සතුයි.
වැඩ පොත
වාරයක් අවසානයේදී ඒකක කිහිපයක් ආවරණය කරන බහු වරණ, කෙටි ලිඛිත සහ රචනා ප්‍රශ්න ඇතුළත් වැඩ පොතක් ඔබට ලැබෙනවා. ඒ වගේම ඒක පන්තියේදී සාකච්ඡා කරලා විභාග මට්ටමට ඔබව සූදානම් කරවනවා.
කෙටි ලිඛිත ප්‍රශ්න
විභාග ප්‍රශ්න පත්‍රයේ කෙටි ලිඛිත ප්‍රශ්න විස්සක් අපිට ලැබෙනවා. ඒ වෙනුවෙන් හැම පාඩමකින්ම සකස් කරන්න පුළුවන් උපරිම කෙටි ලිඛිත ප්‍රශ්න සකස් කරලා පිළිතුරු සාකච්ඡා කරන වැඩ වැඩපිළිවෙළක් හදලා තියෙන්නේ.
රචනා ප්‍රශ්න
ගොඩක් දරුවන්ගේ රචනා ප්‍රශන දුර්වල වෙන්න හේතුව තමයි අභ්‍යාස නොකිරීම. හැම පන්තියකම ගෙදරවැඩ දෙනවා. ඒත් ඒවා කරලා දෙන්නේ කී දෙනා ද ? ඒ නිසා අපේ පන්තියේ මාසෙම ගෙදර වැඩ කරන්න පොතක් දෙනවා. මාසෙම වැඩ ටික කරලා මාසෙ අන්තිමට මේ පොත භාර දෙනන් ඕන. අඩුපාඩු හදලා අයෙත් මේ පොත ළමයින්ට ලබාදෙනවා.
කෙටි සටහන්
සිද්ධාන්ත සටහන් වල තියන වැදගත්ම කොටස් එකතු කරලා නිර්මාණය කරපු කෙටි සටහන් මාලාවක් ලබා දෙනවා. අසීරු විෂය කරුණු පවා පහසුවෙන් මතක තියා තියාගන්න මේ කෙටිසටහන් ගොඩක් උදව් වෙනවා. ඒ වගේම තමයි හැම පාඩමකම කෙටිසටහන් හදන ක්‍රමවේදය පිළිබඳව ළමයින්ව පුහුණු කරවනවා. සෑම ළමයෙකුගේම ළකුණු මට්ටම ඉහළ නංවන්න මේ කෙටිසටහන් මාලාව බොහෝ ප්‍රයෝජනවත් වෙනවා.
ඒකක පරීක්‍ෂණ
සෑම පාඩම් ඒකකයක් ම අවසානයේ එම ඒකකයෙන් පමණක් ප්‍රශ්න ඇතුලත් කොට සකසන ලද පරීක්‍ෂණයකි. එක් එක් ඒකකයට සිසුන්ගේ ප්‍රවීණතාවය මැනගැනීමට මෙය උපකාරීවේ.
බහුවරණ ප්‍රශ්න
විභාග ප්‍රශ්න පත්‍රයෙන් ලකුණු වැඩි කොටසක් පහසුවෙන්ම ගන්න පුළුවන් බහුවරණ ප්‍රශ්න වලට. වැඩසටහන් කිහිපයක් මගින් බහුවරණ ප්‍රශ්න තුන්දාහසකට කට වැඩි ප්‍රමාණයක් ආවරණය කරන්න අපිට පුළුවන් වෙනවා.
Contacts
Voice, Whatsapp
071 660 55 89
gayanpathirana39@gmail.com
Kadawatha, Sri Lanka.
Follow me on
Class Time Table
Institutions
Online Classes
MS Creations
New Student Register
Best Results
Join Whatsapp Group
New Events
Sitemap
Gallary